2011 ලෝක කුසලානයේ අවසන් තරගය විකිණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය මුල් කරගෙන ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත අලුත්ගමගේ මහතා සමග සාකච්ජා කිරීමට ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තුවෙන් සිටින බව එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත අනාවරණය කොට ඇත.
අලුත්ගමගේ මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයන්ද අදහස් පළ කරමින් කියා තිබුණේ ඒ මහතා මෙවැනි චෝදනාවක් එල්ල කරන්නේ නම් ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ගම් හෙළි කිරීමටද පියවර ගත යුතු බවකි.