ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (24) සවස කැඳවීමට එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙසට කරන ලද නිර්දේශයෙන් අනතුරුව මෙම මධ්‍යම කාරක සභාව රැස්කිරීම විශේෂ සිදුවීමකි.
මීට අමතරව හෙට (25) දිනයේදී පක්ෂයේ විධායක සභාව කැඳවීමටද මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.