Exclusive
පාස්කු වාර්තාවෙන් දැන්ම කාටවත් නඩු වැටෙන්නෙ නෑ: රහසේ දුන් කටඋත්තර නීතිපතිට යවලත් නෑ EXCLUSIVE
Published
2 months agoon

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබුණද ඊට අදාළ අතිශය රහසිගත තොරතුරු ඇතුළත් වෙළුම් කිහිපයක් ලබා දී නොතිබීම හේතු කොට ගෙන ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මුහුණ දී ඇති බව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී නොමැති මෙම වෙළුම් කිහිපයෙහි පාස්කු ප්‍රහාරයට අදාළ අතිශය රහසිගත තොරතුරු විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබී ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් තම දෙපාර්තමේන්තුවට ලැබී ඇති අවසන් වාර්තාවේ පිටපත සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දීර්ඝ අධ්‍යයනයක නිරත වී ඇති නීතිපති දප්පුලද ලිවේරා මහතා එහි නීතිමය කටයුතු ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බවද වාර්තා වේ.
ඉන් ප්‍රධාන තීන්දුවක් වී ඇත්තේ ජනාධිපති කොමිසම මඟින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට නීතිමය බැඳීමක් නොමැති බැවින් අදාළ වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් සියුම් අධ්‍යයනයක් කොට ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමය.
ඒ අනුව අදාළ වාර්තාව මඟින් යම් යම් පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග විමර්ශනය කරන ලෙසට කර ඇති නිර්දේශය වහාම ක්‍රියාත්මක කරනවා වෙනුවට කොමිසම මඟින් ඉදිරිපත් කොට ඇති අතිශය රහසිගත සාක්ෂි ඇතුළත් සියලුම කොටස් නැවැත අධ්‍යයනය කොට ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට නීතිපතිවරයා තීන්දු කර ඇත.
එම අතිශය රහසිගත සාක්ෂිවල මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ වැදගත් තොරතුරු සහ අනුමාන සහිත බැවින් ඒ සියල්ල නැවැත අධ්‍යයනය කළ යුතු බව නීතිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
විශේෂයෙන්ම එම සාක්ෂිවල ප්‍රහාරයේ ප්‍රධානියා වූ සහරාන් හෂීම්ගේ බිරිය ඇතුළු අතිශය වැදගත් පුද්ගලයන් කිහිපදෙනකුගේ සංවේදී සාක්ෂි ඇතුළත්ව තිබීම හේතුවෙන් ඒ පිළිබඳ අධ්‍යයනයක් නොකොට ඉදිරි ක්‍රියාමාර්ග ගත නොහැකි බවද නීතිපතිවරයාගේ මතය වී තිබේ.
එමෙන්ම අදාළ සාක්ෂි අධ්‍යයනයෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට හැඟී යන පුද්ගලයන් සම්බන්ධයෙන් සහ නැවැත වතාවක් විමර්ශනයට ලක් කළ යුතු තැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යොමු කිරීමටද නීතිපතිවරයා තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.
එම ක්‍රියාදාමයෙන් පසුව අදාළ නඩු පැවරීම සිදුකිරීමටද නීතිපතිවරයා විසින් තීන්දු කරනු ලැබ ඇති බව පැවැසේ.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කොට තිබුණද ඒ පිළිබඳ නඩු පැවරීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඉතා ඉක්මනින් සිදු නොවනු ඇති බවද දැනගන්නට තිබේ.
You may like
අලුත්ම සොයාගැනීම පොහොරවලත් වසලු: කියන්නෙ ඇමැති
ප්‍රමිති ආයතනයේ රෙද්ද ගැලවෙයි: වස කෑම ලයිස්තුව එළියට එයි: ලොක්කන්ගේ වත්කම් හොයන්න කියයි (VIDEO)
අවුරුද්දට පණිවුඩයක් අරන් සජිත් රන්ජන් බලන්න යයි (VIDEO)
ආහාර පිසීම උදේ 6.17ට: වැඩ ඇල්ලීම හා අනුභවය 7.41ට
අවුරුද්දේ පළමු නැකත පුණ්‍ය කාලය රෑ 8.09ට
ලංකාවේ 600 වැන්නාත් කොරෝනා අරන් යයි

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
