උද්ඝෝෂණයක් අතරතුර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සිය සැමියන්ගේ විශ්‍රම වැටුප ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන යුද්ධයේ දි දිවිපිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරු කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම්කර්යාලය දක්වා සාමකාමි පාගමනක යෙදුනාහ.
අනතුරුව උද්ඝොෂණයේ යෙදුණු 1000කට පිරිස පොලිසියට ගොස් අත්අඩංගුවට ගත් ජඹුරේගොඩ හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා පොලිසිය වටකරගෙන සිටිති.
මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් කියා සිටියේ මෙම පහරදීම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කළ දෙයක් බවයි.