පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍යව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර පොලිසියට භාරවී තිබේ.
එම නිලධාරියා කඩවත පොලිසියට භාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේය.
මෙම සැකකාර පොලිස් පරික්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.
මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහායද පතා තිබිණ.
