යළිත් වතාවක් රාජපක්ෂවරුන්ගෙන් බලය ලබා ගන්නා ආකාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ පොලොන්නරුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය.
එහිදී සිරිසේන මහතා කියා සිටියේ තමන් පසුගිය දිනෙක අපූරු සිදුවීමක් දුටු බවත්, එහිදී දියකාවකු මාලුවකු අල්ලාගෙන කටේ තබාගෙන කෑමට සූදානමින් සිටියදී හදිසියේම ඉහළින් පැමිණි උකුස්සකු ඒ දියකාවාගේ මුවේ සිටි මාලුවා ඩැහැගෙන ගිය බවත්ය.
ඒ ආකාරයට නිසි වෙලාවට නිසි ඉලක්කයට තමන් උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බවත්, තමන්ද ගහන ගැහිල්ල උකුස්සකු වගේ නියම වෙලාවට එම ගැහිල්ල ගහන බවත් සිරිසේන මහතා මෙහිදී සදහන් කළේ රැස්ව සිටි සියලු දෙනාගේ අත්පොලසන් හඩ මධ්‍යයේය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම අප ’මව්රට’ පුවත්පත මගින් හා වෙබ් අඩවිය මගින් පෙන්වා දුන්නේ එක් වතාවකදී රාජපක්ෂවරුන් සමග සිට ඔවුන්ට කොකා පෙන්වා බලය ඩැහැගත් සිරිසේන මහතා මෙවරත් පොහොට්ටුව හරහා පාර්ලිමේන්තුවට රිංගාගෙන තමන්ට අවස්ථාව එනතෙක් බලා සිටීමට සැලසුම් සකස් කර ඇති බවකි.
ඒ වෙනුවෙන් රාජපක්ෂවරුන් අතර ගැටුම් නිර්මාණය කිරීමට පවා සිරිසේන මහතා කටයුතු කළ බව අපි අවස්ථා ගණනාවකදීම උදාහරණ සහිතව ‘මව්රට’ පුවත්පත ඔස්සේත්, ‘මව්රට නිව්ස්’ වෙබ් අඩවිය ඔස්සේත් පෙන්වා දුන්නෙමු.
අප කළ ඒ අනාවරණයන් 100%ක්ම නිවැරදි බව සිරිසේන මහතාම පසුගිය සතියේ කළ මෙම ප්‍රකාශය හරහා තහවුරු කිරීමට පියවර ගෙන තිබිණ.