හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන්ව නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු සමගින් හෙට (12) දින තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීයාට කැඳවීම් සිදුකර ඇත.
මේ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර ඇත.
පාස්කු ප්‍රහාරකයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති රියාජ් බදුර්දීන් මහතා රහස් පොලිසිය විසින් නිදහස් කිරීමත් සමග ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන්ම රහස් පොලිසියේ හිටපු ප්‍රධානී නුවන් වෙදසිංහ මහතාටද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාටද සිය තනතුරු අහිමි වී ස්ථාන මාරු ලැබීමටද සිදුවීය.