සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සතොස මගින් මේ දිනවල ලබාදෙන රුපියල් දහසක සහන මල්ල තමන් රු 950ට පාරිභෝගිකයන්ට ලබාදෙන බව හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ පවසති.
තමන් පාරිභෝගිකයන්ට ලබාදෙන රු 950 සහන මල්ලට සතොසින් ලබාදෙන ආහාර මල්ලේ තිබෙන භාණ්ඩවලට වඩා හොද තත්ත්වයේ ආහාර ද්‍රව්‍යය තිබෙන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ කියා සිටියහ.
පෞද්ගලික අංශයේ වෙලදසැල් වලින් ලබාදෙන සහන මල්ලේ ටි.වි.පි. පැකට් එකක් රු 25 , කැලි මිරිස් 100 රු 70 , තේ කුඩු 100 රු 70 , ලුණු පැකට් එකක් රු 40 , තිරිගු පිටි කිලෝ එකක් රු 83 , හාල් මැස්සෝ 200 රු 95 , සුදු හාල් කිලෝ එකක් රු 93 , මයිසුර් පරිප්පු කිලෝ එකක් රු 165 , සිනි කිලෝ එකක් 108 , රතු සහල් කිලෝ එකක් රු 93 ,බඩ බත් කිලෝ එකක් රු 96 , මාස්ක් එකක් රු 12 වශයෙන් ඇතුළත්ය.
සතොසින් සහන මල්ල ලබාදිමට ප්‍රථම තමන් එම මිලට සහන මල්ල පාරිභෝගිකයන්ට ලබාදුන් එම සහන මල්ල තමන් අඛණ්ඩව පාරිභෝගිකයන්ට ලබාදෙන බවද හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ කියා සිටියහ.
පෞද්ගලික අංශයෙන් රු 950ට සහන මල්ලක් ලබාදෙද්දි සතොසට මිට වඩා අඩු මිලට සහන මල්ල ලබාදිමේ හැකියාවක් තිබිය යුතු බවද එම ව්‍යාපාරිකයෝ කියති.