මිනිසුන් සඳහා ලබාදෙන ජල භීතිකා එන්නත්වල විශාල හිඟයක් රට තුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්. බී. කිත්සිරි මහතා පවසනවා.
එසේ වුවද සතුන් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නතෙහි හිඟයක් නොමැති බව පෙන්වා දුන් කිත්සිරි මහතා සඳහන් කළේ නිවෙස්වල ඇතිකරන සුනඛයන් සහ බළලුන් කඩිනමින් එන්නත් කරන ලෙසයි.
සාමාන්‍යයෙන් වසරකට ජලභීතිකා රෝගය හේතුවෙන් මරණ 20 – 30 අතර ප්‍රමාණයක් සිදුවන බවත්, වසරේ ගතවූ කාලය තුළ එම රෝගය හේතුවෙන් පුද්ගල මරණ 12ක් සිදුවී ඇති බවත් ඒ මහතා සඳහන් කළා.