Exclusive
බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ: පොහොට්ටුවේ ලේකම්ගෙන් යළි ප්‍රහාරයක්
Published
7 days agoon

‘පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා. බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා. අපි ඔබලාගේ බලාපොරෙත්තුව අපේ කාලය සීමාව අවසන් වීමට පෙර ඉටු කරනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
පක්ෂ කාර්යාලයේ ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා,
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට මේ රජය පිහිටවන්න කලින් මේ රටේ සෑම ක්ෂේත්රයන්ගේම විද්වතුන් ගෙනවිත් මේ රට දියුණු කරන්නේ කොහොමද, මේ රටේ අනාගතය සකස් කරන්නේ කොහොමද කාරණා විමසා මේ රටේ ජනතාවට ලොකු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේදි අපි ඉදිරිපත් කර සෞභාග්‍ය දැක්ම කියන වැඩපිළිවෙළ. සෞභාග්‍ය දැක්ම තුළින් මේ රටේ අනාගතය ගොඩනගන හැටි සම්බන්ධව ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි රජයක් හැටියට පොරොන්දු ඉෂ්ඨ කිරිමේ ක්‍රියාවලියේ නිරත වෙනවා.
විවිධ චෝදනා එල්ල වෙනවා වරින් වර විපක්ෂයෙන් අදටත්. MCC ගිවිසුම පිළිබඳව විශාල චෝදනා රැසක් එල්ල කරා. අපි රජයක් හැටියට පෙන්නලා දුන්නනා විපක්ෂයේ චෝදනා පුස්සක් කියලා. කොවිඩ් 19 සඳහා විශාල චෝදනා එල්ල කරා. එන්නත ගේන්න බෑ කියලා චෝදනා කරා. රජය අද සමත් වෙලා තියෙනවා අවදානම් වැඩි අය සිට සාමාන්‍ය ජනතාව දක්වා එන්නත ලබා දෙන්න.
රජයක් හැටියට අපිට හැමතිස්සේම ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. ඒ තීරණ අපේ රට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තිරණ . ඒ තීරණ නිර්භිතව අරගෙන රජයක් හැටියට ඉදිරියට යනවා. ඒ තිරණවලට එකඟ වන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට අපි අවශ්‍ය කටයුතු කරනවා. ජනතාවට ප්‍රකාශ කරන්නේ ඔබ විසින් පත්කළ ඔබේ රජය ඔබ බලාපොරොත්තු වු කර්තව්‍ය ඉටු කරමින් යනවා. පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා. බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා. අපි ඔබලාගේ බලාපොරෙත්තුව අපේ කාලය සීමාව අවසන් වීමට පෙර ඉටු කරනවා.
You may like
දේවානිලාගේ කඩොලාන සටන නාට්‍යයක්ද? (සංවාදයට විවෘතයි)
භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්රස් නැති වෙයිද?
රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා
වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්
දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා
විභාගෙට සුබ පතන්න ගෙවල්වලට ගිය ප්‍රින්සිපල්ට වටකරගෙන ගහලා: සිසුවකුගේ වැඩක් බවට සැක

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
