බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර ඊයේ (29) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තකට සහභාගී වී පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී මෙසේ රෝගාතුර වී තිබෙන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලිස් ආරංචිමාර්ග සදහන් කරන්නේ හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවකි.
කෙසේ වෙතත් ස්ථානාධිපතිරයා සම්බන්ධ පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.