“මේ කංසා කියන්නෙ ඖෂධයක්. ඒ කංසා වගාකිරීමට අපේ රට බොහොම හොඳයි. ඒ හැදෙන කංසා බොහොම ඉහළ ප්‍රමිතියකින් තියෙනවා අපේ රටේ. හොරෙන් වගා කරන ඒවා පොලිසියෙන් අල්ලලා ගිනි තබනවා, අක්කර 10, 15. ඒක බරපතළ අපරාධයක්. ඒවා රාජසන්තක කරලා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගන්නවා නම් හරි වටිනවානෙ. ඒ වගේ මෝඩකම් කරනවා අපෙ රටේ. ඉතිං ඒ කංසා වගාවත් ලියාපදිංචි කරලා බලපත්‍ර ඇතුව එහෙම කරන්න වැඩපිළිවෙළක් කරනවා නම් ඒක හරි වටිනවා” යනුවෙන් බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කර සිටියහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඊයේ (17) මරදානේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩ භාරගත් අවස්ථාවට එක්වෙමිනි.