Connect with us
Advertisement Redmi Note 9

Exclusive

‘මටවත් නොකියා හිතුණු හිතුණු විදිහට එන්නත දෙනවා’: සෞඛ්‍ය ලොක්කෝ සුදර්ශනීටත් ඉහළින් ගිහින්

Published

on

“තාක්ෂණික කමිටුවේ ගත්ත තීන්දු තීරණ පැත්තකට දාලා ඇතැම් නිලධාරීන් ඒවා වෙනස් කරලා තියෙනවා. කොවිඩ් කළමනාකරණ අමාත්‍යවරිය විදිහට මම දන්නෙත් නැහැ. මේ කරුණු නිවැරදි කර ගන්න ඕන. මේ වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරනවා එන්නත්කරණ වැඩසටහනේදී. මහජන සෞඛ්‍ය ගැන අවබෝධයක් නැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා කළාපය මේකට හේතුවක්. කොවිඩ් මර්ධන ඇමතිනිය හැටියට මම දන්නේ නැහැ කොවිඩ් මර්ධන කමිටු රැස්වීම තියෙනවා. සන්නිවේදන ගැටළු නිසා යම් පැටලිලි සොභාවයක් දක්නට ලැබෙනවා. ඒවා වෙනස් කර ගන්න අවශ්‍යයි’ යැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ‌මේ බව සදහන් කර සිටියාය.

‘ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් මර්ධන රැස්වීම වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන කොවිඩ් මර්ධන තාක්ෂණික කමිටු රැස්වීමේදී ගන්නා තීරණ වෙනස් කරනවා. හිටපු ගමන් රෑට කතා කරලා කියනවා හෙට එන්නත්කරණය කරන්න ලැස්ති කරන්න කියලා. එහෙම කිව්ව ගමන් කරන්න බැහැ.

එන්නත්කරණය වෙනුවෙන් සෞඛ්‍ය නිලධාරීන්ට උපදේශන මාලාවක් නිකුත් කරන්න ඕන. මේ දක්වා එහෙම උපදේශන මාලාවක් නිකුත් කරලා නැහැ. එන්නත්කරණය සිදුකරන ප්‍රදේශ හෝ ග්‍රාම නිලධාරී වසම්වල සිටින සෞඛ්‍ය බලධාරීන්ට ඒ ගැන දැනුවත් කරලා ඔවුන්ව ඊට සුදානම් සිදුකරන්න ඕන. ඒ ඒ ප්‍රදේශවල සිටින ජනතාවට දැනුම් දෙන්න අවශ්‍යයි එන්නත ලබා ගන්න එන්න කියලා. ස්ථාන වෙන් කරන්න අවශ්‍යයි. ඒ වගේම එන්නත ලබාදුන්නාට පස්සේ ඔවුන්ට සංකුලතා ඇති වනවාද කියා සොයා බලන්න අවශ්‍යයි.

මහජන සෞඛ්‍ය ගැන අවබෝධයක් නැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා කළාපය මේකට හේතුවක්. කොවිඩ් මර්ධන ඇමතිනිය හැටියට මම දන්නේ නැහැ කොවිඩ් මර්ධන කමිටු රැස්වීම තියෙනවා. සන්නිවේදන ගැටළු නිසා යම් පැටලිලි සොභාවයක් දක්නට ලැබෙනවා. ඒවා වෙනස් කර ගන්න අවශ්‍යයි.” යැයි රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.

Advertisement
Exclusive6 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි