දැන්වත් තමන් පෙර කී තත්ත්වය පිළිගන්නා ලෙසත්, වහාම තුන්වැනි රැල්ලට වැට බැදීමට පියවර ගන්නා ලෙසත්, ගජමිතුරන්ගේ සාක්කු පිරවීම නවත ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර ශ්‍රී සුගත මහා විහාරයේදී පවසා සිටියේය.
අනුරාධපුරය විහාර හල්මිල්ලකුලම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගෝනගල ඤාණාාලෝක නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාදය ලබා ගත් සජිත් ප්‍රේමදාස මහතා විහාරස්ථාන පරිශ්‍රයේ අඩුලුහුඬුකම් පිළිබඳව ද නිරීක්ෂණය කරනු ලැබීය.
පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇත්ද යන්න විනාඩි 20 ක් වැනි කෙටි කාලයකින් අනාවරණයක කරගත හැකි වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ සිදුකිරීම කල් දැමීම සහ මෙතෙක් කල් එම පරීක්ෂණ නොකිරීමට හේතු කවරේදැයි විමසූ සජිත් ප්‍රේමදාස මහතා, වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ තොගයක් නිසි ප්‍රසම්පාදන හෝ ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ගෙන්වා ඇති බවද කීය.
මේ මොහොතේ ආණ්ඩුව කළයුත්තේ සිය ගජමිතුරන්ගේ සාක්කු පිරවීම නොවන බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ තුන්වෙනි රැල්ලක් පැමිණීම වලක්වා ගැනීම උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව එකට එක්විය යුතු බවයි.