සදුදා දිනයේදී රට විවෘත කළද වසංගත අවදානම් තත්ත්වයේ අවම වීමක් නොමැති බවත්, ඒ හේතුවෙන් ජනතාව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බවත් සදහන් කරමින් අද (07) දින වෙළෙදපොළට නිකුත් වූ ‘මව්රට’ ඉරිදා ජාතික පුවත්පතේ ප්‍රධාන පුවත සනාථ කිරීමට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා කටයුතු කොට තිබේ.
ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමිනි.
ඒ මහතා සදහන් කළ කරුණු මෙසේය.
බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය පහවීමක් හෝ රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
එනිසා ජනතාව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීමක් අවශ්‍ය යැයිද ඔහු කියා සිටියි.
ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ජනතාව දිගින් දිගට ම පීඩාවට පත් කිරීමට නොහැකි හැකි නිසා මිස රෝග අවදානම ඉවත් වීම නිසා නොවන බව පැවසු ඔහු, එලෙස සංචාරණ සීමා අවම කර සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට අනිවාර්යෙන් හුරු විය යුතු බව කියා සිටියේය.
මේ වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පළාතට බවත් කී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීයා, කොළඹ මහ නගර සභාවේ සීමාවේ රෝගීන් වැඩි වශයෙන් හමුවන බවද සඳහන් කළේය.