මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ටයිල් චමින්ද නමැත්තාගේ චෙක් පොත පොලීසිය මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළ අතර එහි තිබී කෝටියක මුදල් හුවමාරුවකට ලියූ චෙක් පතක් හමුව තිබේ.
මීට අමතරව චෙක් පොතේ මුලු ගනුදෙනුවල වටිනාකම රු . කෝටි 37කට අධිකය.
ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකුගේ මැදිහත්වීමෙන් කි‍්‍රයාත්මක බැංකු ගිණුම් 4ක කෝටි 110 කට අධික මුදලක් සංසරණය වී ඇතැයි අනාවරණ කරගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.
ටයිල් චමින්ද නමැත්තාගෙන් හෙලිවූ තොරතුරු අනුව පොලිස් නාකොටික් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබදවද තොරතුරු හෙළි වී ඇති අතර මත් ජාවාරම්කරුවන් සිය ලෂ ගණන් මුදල් සරසවි සිසුන්ගේ ගිණුම්වල තැන්පත් කරන බවද හෙළිවී ඇත.
සරසවි සිසුන් පිරිසක් මේගැන පොලීසියට දන්වා ඇත්තේ ඔවුන් එම ගිනුම් වෙනුවෙන් දීමනාවක් තමන්ට ගෙවන බවයි.
ජාවාරම්කරුවන්ගේ උපදෙස් මත අදාළ ගිණුම්වලින් ඊසි කෑශ් ක්‍රමයට මුදල් යවන බව ඔවුන් පොලීසියට පවසා ඇත.