අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මහියංගණ රැස්වීමේදී හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හට හූ තැබිමේ සිදුවීමක් වාර්තා වේ.
එහිදී රැස්වීම ආරම්භයේදී සුපුරුදු පරිදි අගමැතිවරයා සියලුම අපේක්ෂකයන්ගේ නම් සහ අංක සිහිපත් කිරීම සිදු කොට ඇත.
එහිදී නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නම සහ අංකය කියන විට පාක්ෂිකයන් හූ තබා ‘එයා මේ පාර යවන්නේ නෑ’ යනුවෙන් කෑ ගසා තිබේ.
පසුව අගමැතිවරයා මැදිහත්ව පාක්ෂිකයන් සන්සුන් කිරීීමට පියවර ගෙන ඇත.