• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මහින්ද එළියට එයි: දෝවාල් හමුවෙයි

November 27, 2020
in Exclusive
A A
මහින්ද එළියට එයි: දෝවාල් හමුවෙයි

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (27) දින විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

ප්‍රථමයෙන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා විසින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ සුබ පැතුම් පණිවිඩයක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා වෙත එක් කළේය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව බොහොමයක් රටවල් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට කලාපයේ සෙසු රටවල්වලට ද මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ හෙතෙම, වසංගත තත්ත්වය යටතේ වුවත් කලාපයේ රටවල ආර්ථික, සමාජීය සංවර්ධනය ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව ඇති බව පැවසීය.

එසේම කොවිඩ්-19 වසංගතය තත්ත්වයන් හමුවේ රටවල් අතර සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදු කිරීමට වැඩි වශයෙන් සිදුව ඇත්තේ අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ බවද අජිත් දෝවාල් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුලු මෙම කලාපයේ රටවලට ද විදේශ ශ්‍රමිකයින් නිසාවෙන් විශාල ආර්ථික ශක්තියක් ලැබුණ ද, වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ රැකියා අහිමිවීමත්, සිය රටවලට ශ්‍රමිකයින් පැමිණීමත් නිසා සෑම රටකටම ලැබුණු විදේශ විනිමය අවම වී ඇති බව අජිත් දෝවාල් මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වුවද, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කළ හෙතෙම, මෙම කලාපයේ සෙසු රටවල් ද සමඟින් ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනය කරා ගමන් කිරීමේ ක්‍රමෝපායන් සොයා ගත යුතු බව ප්‍රකාශ කළේය.

ඒ සඳහා, කලාපයේ සෙසු රටවල් අතර සංවාදයක් ගොඩ නැඟීමට මෙන්ම, ආර්ථික අවපාතයට විසඳුම් සොයමින් ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රමෝපායන් සොයා ගැනීමට හා ක්‍රමෝපායන් සකස් කර ගැනීමේ කතිකාවක් නිර්මාණය කිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මූලිකත්වය ගන්නා ලෙස ද ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා යෝජනා කරන ලදී.ඒ සඳහා ඉන්දියානු රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව පැවසූ අජිත් දෝවාල් මහතා, කොවිඩ්-19 තත්ත්වය යටතේ වුවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කලාපයේ සෙසු රටවල සංවර්ධනය යළි ගොඩනැගිය යුතු බව ද ප්‍රකාශ කළේය.

ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශවල නිවාස යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව ප්‍රකාශ කළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එවන් නිවාස යෝජනා ව්‍යාපෘති දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට ද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබා දෙන බව ශ්‍රී අජිත් දෝවාල් මහතා පැවසීය.එසේම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ මඟ පෙන්වීම යටතේ නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉන්දියාවේ ආරම්භ කර ඇති පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කරමින්, එම තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ ජල යෝජනා ක්‍රම ආරම්භ කිරීම සඳහා මෙම හමුවේදී එකඟතාව පළ විය.

මේ පිළිබඳව ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙස ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු එක්ව සිටියහ.

මෙය අගමැතිවරයා දින 5කට පසු ප්‍රසිද්ධ හමුවකට ආ පළමු අවස්ථාව වූ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අගමැතිවරයා සිටියේ දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්ය.

Share52Tweet32SendShare13
Previous Post

පූජිත් මහ රෑ පාස්කු කොමිසමට විනාඩි 40ක රහස් ප්‍රකාශයක් දෙයි

Next Post

සජිත්ගේ ඉල්ලීම වැඩ කරයි: ශානි IDH එකට මාරු කරයි

MORE NEWS

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !
Exclusive

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)
Exclusive

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!
Exclusive

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!
Exclusive

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)
Exclusive

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...

Read more
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net