Exclusive
මහින්ද පොහොට්ටුවේ මුස්ලිම් පෙරමුණ හමුවෙයි (PHOTOS)
Published
7 months agoon

මුස්ලිම් ජනතාවගේ ගෞරවය රැකගැනීමට තම රජය සෑමවිටම කටයුතු කළ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (29) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා මෙසේද කීය.
මේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි. පසුගිය වතාවේ අපිට මුස්ලිම් ජනතාවගෙන් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. නමුත් අපිට සහයෝගය දෙන පිරිසක් සිටියා. ඒ අයට මොනතරම් බලපෑම් එල්ල වුණත් අපිත් එක්ක කටයුතු කරපු බව අපි අමතක කරන්නේ නැහැ. ඒක ගෞරවයෙන් මතක් කරනවා.
එක කාලයක් අපිට බුරියානි, ඡන්දය අලියට කියලා කතාවක් තිබුණා. දැන් ඒ යුගය ටිකෙන් ටික අඩු වෙමින් තිබෙනවා. අපිට බුරියානිත් ලැබෙනවා. ඡන්දයත් ලැබෙනවා. ඔබේ අපේක්ෂකයින් 8 දෙනෙක් සිටිනවා. ඒ අය ජයග්‍රහණය කරවන්න ඔබේ සම්පූර්ණ කැපවීම අපි බලාපොරොත්තු වෙනවා.
මුස්ලිම් ජනතාව රැක ගන්න, ඔවුන්ගේ ගෞරවය රැකගන්න, කොටින්ගෙන් ජනතාව රැක ගන්න, අපි පියවර ගත්තා. අපි යුද්ධ කළේ ත්‍රස්තවාදය නැති කිරීමට මිස දෙමළ ජනතාව සමඟ නෙවෙයි. ත්රස්තවාදයට විරුද්ධවයි අපේ සටන ගෙන ගියේ. එහෙම නැතුව ජාතියකට එරෙහිව අපි සටන් කළේ නැහැ. ඔබට අද නිදහසේ යාපනය, හම්බන්තොට හෝ වේවා ඕන තැනක යන්න නිදහස තියෙනවා. ඒක නිසා ඔබ අප එක්ක එකතු වෙන්න. අපි ගැන සැක ඇති කරගන්න එපා.
පසුගිය කාලයේ ඇතිවූ රටේ වාතාවරණය ඔබ දන්නවා. වසර පහකින් සංවර්ධනය ඇණ හිටිය රටක් යළි සංවර්ධනය කිරීම සියලු ජාතීන්ට එකසේ බලපානවා. මහා මාර්ග ඉදිවුණේ නැහැ. වැව් ඉදි වුණේ නැහැ. ගොවිතැන් කරන්න බැරි වුණා. කිසිම සංවර්ධන කටයුත්තක් රටේ සිද්ධ වුණේ නැහැ. මේකට හේතුව ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා එක පැත්තක සිටීමයි. එහෙම වුණාම අගමැති කියන දේ ජනාධිපති කරන්නේ නැහැ. ජනාධිපති කියන දේ අගමැති කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තමයි රට තුල ඇති වුණේ. ඒ තත්ත්වය නැවත ඇති කරන්න බැහැ.
රටක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුව සූදානම් විය යුතුයි. අපි බලයට පත්වෙලා ටික දවසක් යනකොට කොවිඩ් -19 වසංගතය ආවා. එහෙම වෙලාවකත් මුදල් පනත පරාජය කරන්න විපක්ෂය සූදානම් වුණා. එහෙම වුණාම රටේ සංවර්ධනය ඇණ හිටිනවා. ජනාධිපතිවරයාට තිබෙන බලය භාවිතා කර මුදල් ලබා දුන්නා. තවමත් තියෙන්නෙ ඒ තත්ත්වයමයි.
නියමිත දිනට මැතිවරණය පවත්වා ගන්න බැරි වුණා. වසංගතය මර්ධනය කිරීමේ ගෞරවය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමි වෙනවා. ඔහු ගත්ත තීරණ නිසයි වසංගතය පාලනය කර ගන්න පුළුවන් වුණේ. පාසල් වහන්න තීරණය කරනකොට කැබිනට් මණ්ඩලයේ දෙගිඩියාවක් ඇති වුණා. පාසල් වැහුවා. ගුවන් තොටුපොළ වසා දැමුවා. හරි තීරණ අරගෙන හමුදාවට වසංගතය පාලනය කිරීම බාර දුන්නා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සෞඛ්‍යය අංශයයි හමුදාවයි සියලු දෙනාම එකතු වුණ නිසයි මේ වෛරසය මර්දනය කර ගන්න පුළුවන් වුණේ.එක පාරක් අදාහනය කරනවාද භූමිදානය කරනවාද කියලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒක අප ගත් තීන්දුවක් නෙවෙයි. විශේෂඥයින් කණ්ඩායමක් ගත්ත තීන්දුවක්. ඕනෑම අතකට එරෙහිව තවත් මතයක් තියෙනවා.



You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
