Exclusive
හිටපු ජනපති වසර 3ක් හිරේ: මහේස්ත්රාත්වරයකුට අල්ලස් දීලා
Published
1 month agoon

අපරාධ චෝදනාවක තොරතුරු තමාට ලබාදීම වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයෙකුට ඉහළ තනතුරක් අල්ලස් ලෙස ලබාදීමට උත්සහ ගැනීමේ චෝදනාව මත ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි හට එරට අධිකරණයක් මගින් තුන් වසරක සිර දඬුවම් ලබා දී තිබේ.
66 හැවිරිදි සාර්කෝසි සිරදඬුවම් නියමවූ ප්‍රංශයේ පළමු හිටපු ජනාධිපතිවරයාය.
අල්ලස් ලබා දීමට උත්සහ ගත් ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදාළ දුරකථන ඇමතුම එරට පොලීසිය විසින් පටිගත කර තිබිණ
මෙහිදී අදාළ මහේස්ත්‍රාත්වරයා සාර්කෝසිගේ නීතීඥවරයාටද සිර දඬුවම් ලබා දුන්නේය.

2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය දැරූ සාර්කෝසි හට මේ දඬුවම හිමිවුයේ 2014 වසරේදී සිදුවූ සිද්ධියක් මතය.
සාර්කෝසි ගේ තුන් අවුරුදු සිර දඬුවමෙන් වසර දෙකක් අත්හිටවූ සිර දඬුවම් වන අතර ඉතිරි වසරක කාලය බන්ධනාගාර ගත කිරීමක් සිදු නොකර සිය නිවසේම රඳවා තැබීමට නියමිතය.
එම කාලය තුල ඔහුගේ අතෙහි ඉලෙක්ට්‍රොනික් බ්‍රේස්ලට් එකක් සවි කරන අතර එමගින් ඔහුට නිවසෙන් පිටතට යාම පාලනය කෙරේ.
මීට පෙර හිටපු ජනාධිපතිවරයකු වන ජැක් චිරාක් හටද දුෂණ චෝදනා මත අත්හිටවූ සිර දඬුවම් හිමිවි තිබිණ.
කෙසේ වෙතත් ඔහු මේ සමබන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමටත් නියමිතය.
මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීම් අදහසින් සිටින සාර්කෝසි තවමත් ප්‍රංශ ජනතාව අතර ජනප්‍රිය චරිතයකි.
You may like
ඔන්ලයින් බඩු ඕඩර් කරන්නේ බලාගෙන: පොලිසිය අලුත්ම ගේමක් අල්ලගනී
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම
ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
