Connect with us
Advertisement

Exclusive

මාස 8ට එතනෝල් ලීටර් ලක්ෂ 20ක් ගෙන්නුවේ කව්ද?

Published

on

මෙරටට එතනෝල් ගෙන්වීම 2020 ජනවාරි 01 සිට තහනම් කළ බව කියමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කර ඇතත් 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා වත්මන් ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් මෙරටට ගෙන්වා ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න අවධාරණය කර සිටියි.

මන්ත්‍රීවරිය ඒ බව පැවසුයේ, රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමිනි.

 ”මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටත් ජනතාවත් රවට්ටවනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඔබලා දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කුවලින් කියලා. 2019 ජූනි සුරාබදු ආදායම රු මිලියන 8,817 යි.  2020 ජූනි ඡන්දය නිසා ඒක රුපියල් මිලියන 12,000 ක් වුණා.

2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා. රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා.  හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා.  

දඹුල්ලේ වෙළෙදපොළේ  කහ ටිකක් ගන්න නෑ.  හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා. ගොවියට පොහොර ටික නෑ. හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා.  අපේ ගෑණු ළමයින්ට, මූනේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි  විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා.

මෙන්න මේකයි, සෞභාග්‍යයේ දැක්ම” යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.  

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ