මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 13 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා තහවුරු කළේය.
දිවුලපිටියෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයෙන් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 101 කි.
ඔවුන් හඳුනාගෙන ඇත්තේ එහි සේවය කරන 150 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙනි.
ඒ, අනුව එම කාන්තාව සහ ඇගේ දියණියද සමග නව සමස්ථ ආසාදිත නියැදිය 103 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.