සංචරණ සීමා හා ඒ සම්බන්ධ තීරණ ගැනීමේදී විද්‍යාත්මක ක්‍රමයට තීරණ නොගන්න බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඒ මහතා කියා සිටින්නේ මිරිහානේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන පාරේ වාහන වැඩි නම් වාහනවලින් ගමන් කිරීම තහනම් කර ඒ වෙනුවට පයින් යාම වැනි තීරණ ගන්නා බවයි.
සියලුම ජනතාවට කොළඹ 07 ඇති පහසුකම් ඇතැයි සිතා තීරණ ගැනීම ඉතාම ගැටළුකාරී තත්වයක් බවත් ජනතාව ඒ හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.