මැතිවරණය පැවැත්වීමේ දිනය ලබන ජුනි මස 08 වෙනිදා තීන්දු කිරීමට මැතිවරණ කොමිසන් සභාව රැස්වී තීරණය කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනාවරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිලධාරිවරුන් සමග සාකච්ජා කොට මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බව හෙතෙම සදහන් කළේය.
එමෙන්ම ඉතිහාසයේ පළමු වරට මෙවර මැතිවරණය පැවැත්වෙන ජන්ද මධ්‍යස්ථානයකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් අනියුක්ත කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොමසාරිස්වරයා කියා සිටියේය.
එලෙස සෞඛ්‍ය නිලධාරින් ජන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරිම හේතුවෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියලුම නිලධාරින්ට මහ මැතිවරණය වෙනුවෙන් තැපැල් ජන්දය සඳහා ඉල්ලුම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටින අතර එම තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අදින් අවසන් වීමට නියමිතව තිබුණත් එය ලබන 08 වෙනිදා දක්වා දීර්ඝ කළ බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.