මෙරටේ දැනට ඇති මුස්ලිම් පල්ලි සංඛ්‍යාව ප්‍රමාණවත් බැවින් තවත් මුස්ලිම් පල්ලි ඉදිකිරීම අනවශ්‍ය බව හිටපු මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එසේ පල්ලි ඉදිකරන්නේ නම් එය නැවැත්වීමට පියවර ගත යුතු බවකි.