පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති වීමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද (25) රැස්වී සාකච්ජා කිරීමෙන් අනතුරුවය.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.
එමෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා පත් කිරීමට තීරණය වී ඇත.
ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා පත්විය.