තමන්ගේ මහනුවර ව්‍යාපාරික ආයතනයේ පස්වැනි මහලේ ගින්නක් හටගෙන විනාශ වුවද රුපියල් කෝටි 8ක වන්දියෙන් සතයක්වත් රක්ෂණ ආයතනය විසින් මෙතෙක් ගෙවා නොමැති බව ප්‍රකට ව්‍යාපාරික ඉන්දික වීරසේකර මහතා කීය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම රක්ෂණ වන්දි වංචාව බව පෙන්වා දුන් හෙතෙම එම රක්ෂණ සමාගම විසින් පරීක්ෂණ කරනවා කියා පැමිණ පෙට්‍රල් හැලූ බවට චෝදනාවක්ද එල්ල කර සිටියේය.
වාර්තා වෙනස් කිරීම සදහා රජයේ රජයේ රස පරීක්ෂක සහ රක්ෂණ සමාගම වංචනිකව කටයුතු කර ඇති බවද කියා සිටියේය.
මෙහිදී ප්‍රකට සිවිල් සමාජ සේවා ක්‍රියාකාරික සංජය මහවත්ත මහතා සදහන් කර සිටියේ රක්ෂණ නියාමන කොමිසම තනිකරම සුදු අලියෙක් බවත්, එම ගොඩනැගිල්ලට මාසිකව ලක්ෂ 40ක් ගෙවන බවත්, අධ්‍යක්ෂවරියට ලක්ෂ ගණන් වැටුප් ගන්නා නමුත් ජනතාවට සේවයක් සිදු නොවන බවත්ය.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවේ තොරතුරු අනාවරණය කර සිටියේය.