විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කිසියම් අර්බූදයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය දින කිහිපය තුළ ලංකාවට එසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කොරෝනා රෝගය වැළදී තිබීම මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අලුත් සාකච්ජා වටයක් ආණ්ඩුව ඇතුළේ ආරම්භ වී ඇති බවද දැනගන්නට ඇත.
බොහෝ දුරට දැනට තානාපති කාර්යාලවල ලියාපදිංචි වී සිටින පිරිස පමණක් ඉදිරියේදී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගනු ඇති බවද දැනගන්නට තිබේ.