සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ නඩුව අද (16) දින විභාගයට ගැනීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ ජායාරූපයක් සමග කෙටි සටහනක් පළ කිරීමට ඒ මහතා පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් මීට පෙර රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ තමන්ට ඊළග නඩු දිනයේදී (08දා) තීන්දුව ලැබීමට නියමිත බවත්, එදිනට තමන්ට සිරගෙට යෑමට සිදුවනු ඇති බවත්, තමන් මේ පාර්ලිමේන්තුවේ කරන අවසන් කතාව බවත්ය.
නමුත් රාමනායක මහතා කී දින නඩුව නොකැදවුණු අතර කොරෝනා තත්ත්වය ඊට හේතුවී ඇති බව පසුව වාර්තා විය.
කෙසේවෙතත් අද දිනයේදී එම නඩුව නැවත කැදවීමට අධිකරණය පියවර ගෙන ඇත.