පසුගිය කාලය පුරා දිනපතාම පාහේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා විවිධ පුද්ගලයන් අතර සිදුකෙරුණේ යැයි කියන ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඩපට මාධ්‍ය වෙත නිකුත් කෙරුණද මේ වනවිට එය සම්පූර්ණයෙන්ම නැවතී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
රාමනායක මහතාට හිතවත් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ඉකුත් 21 වැනි දින පාර්ලිමේන්තුවේදී රාමනායක මහතා විසින් සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් පසු මෙසේ හඩපට මාධ්‍යයට නිකුත් වීම වැළකී ඇති බවකි.
එහිදී රාමනායක මහතා කියා සිටියේ මෙම හඩපට පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ තවත් විශාල පිරිසක් තමන් සමග කතාකරන හඩපට තමන් සතුව ඇති බවත්, ඒවා ඇතැම් බැංකු සේප්පුවල ආරක්ෂිතව තබා ඇති බවත්ය.
තවත් ආන්දෝලනාත්මක හඩපට කිහිපයක් විදෙස් රටවල සගවා ඇති බවද රාමනායක මහතා සදහන් කර සිටියේය.
කෙසේවෙතත් රාමනායක මහතාගේ මෙම ප්‍රකාශයෙන් පසුව කිසිදු හඩපටයක් මාධ්‍ය වෙත නිකුත් නොවුණු බවද රාමනායක මහතාගේ හිතවතුන්‌ගේ අදහස වී තිබේ.