එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන ගග ඉහළ කෝරළේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් අටදෙනකු සහ පස්බාගේ කෝරලයේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීන් දෙදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ.
ජනාධිපතිවරයා නාවලපිටිය ප්‍රදේශයේ දී පැවති මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළකට එක් වූ අවස්ථාවේ දී මෙම හමුව සිදුවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙලට සම්පූර්ණ සහාය දක්වන බව ඔවුහු පැවසූහ.