සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය අද (09) දහවල් එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ විවෘත විය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙතෙක් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 4 දෙනකු එම අවස්ථාවට සහභාගී වී සිටීමය.
රාජිත සේනාරත්න, මුජිබර් රහුමාන්, පී. හැරිසන් සහ කාවින්ද ජයවර්ධන එම හිටපු මන්ත්‍රිවරු වූහ.

පසුගිය දිනවලදී දෙපාර්ශ්වය සමගි කිරීම සදහා වික්‍රමසිංහ මහතා මැදහත්කරුවකු වශයෙන් පත් කර තිබුණේද රාජිත සේනාරත්න මහතාය.
මීට අමතරව ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් රැසක්ද පක්ෂ නායකයන් රැසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.