සජිත් ප්‍රේමදාස මහතා සිය නව සන්ධානය සදුදා දිනයේදී නෙළුම් පොකුණ රගහලේ එළිදැක්වීමට සූදානම් කර ඇති බවට වාර්තා වීමත් සමග පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැදවීමට පියවර ගෙන ඇත.
මෙම රැස්වීම හෙට (28) පස්වරු 3ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහිදී ඉදිරි මහමැතිවරණයේදී තරග කරන ආකාරය පිළිබදව වික්‍රමසිංහ මහතා සිය මතය ප්‍රකාශ කරනු ඇති බව දැනගන්නට ඇත.