විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා ලෙස නීතීඥ රවී ජයවර්ධන මහතා අද (19) වැඩ බාරගත්තේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙක් වන ඔහු රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරය, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිධූරය ඇතුළු තනතුරු කිහිපයක්ම දැරුවේය.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් වන ඔහු මාදුළුවාවේ සෝභිත හිමියන් සමග සාධාරණ සමාජයක් බිහි කිරීමට මුල් වූ මුල් කිහිපදෙනාගෙන් අයෙකි.