• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

රාජපක්ෂලා යළි නැගිට්ටවපු කව්ද මේ අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 20, 2021
in Exclusive
A A
රාජපක්ෂලා යළි නැගිට්ටවපු කව්ද මේ අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මහින්ද 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු කොළඹ ඔහුට නිල නිවෙසක් හෝ කාර්යාලයක් නොවීය. ඒ වෙලාවේ ඔහුගේ පිහිටට ආවේ නාරාහේන්පිට අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ය. හාමුදුරුවන් උන්වහන්සේගේ පන්සල මහින්දට නිවෙසක් සහ කාර්යාලයක් ලෙස පාවිච්චි කරන්න ඉඩ දුන්හ. ඒ වෙලාවේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ සිටි එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරු මහින්ද පන්සල්වල දේශපාලනය කරනවාය කියමින් මහින්දටත්, හාමුදුරුවන්ටත් තදින් පහර ගැසූහ.

ඒකට උදය ගම්මන්පිල අපූරු උත්තරයක් දුන්නේය. ඔහු කීවේ රජ කාලේ විදේශ ආක්‍රමණ පැමිණි විට රජවරු ගිහින් හැංගුණේ පන්සල්වල කියාය. එකල රජවරුන්ට රැකවරණ දුන්නේ පන්සල්වල හාමුදුරුවරුන් කියාය.

අභයාරාමය පන්සල රජකාලේ පන්සලක් නොවේ. ඒත් 1977 බලයට ආ ගැහැනියක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැනියක් කිරීමත් හැර අන් ඕනෑම දෙයක් කළ හැකි යැයි කියා විධායක ජනාධිපති වූ ජේ. ආර්. ගේ ආණ්ඩුවට එරෙහි සටන් මධ්‍යස්ථානය වූයේ අභයාරාම පන්සලය. 1987 අප්‍රේල් 21 කොළඹ පිටකොටුවේ බෝධිය අසල බෝම්බයක් පුපුරා ගියේය. පසුදින එවකට ජනාධිපති ජේ. ආර්. පදිංචිව සිටි වෝඞ් පෙදෙසේ නිවෙස වටකරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් විය. එහි පෙරමුණේ හිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. රටටත්, ජාතියටත් ආරක්‍ෂාව දෙන්න යැයි හිමිවරු උද්ඝෝෂණය කළහ. ජේ. ආර්.ට හොඳටම කේන්ති ගියේය.

ඔහු කොළඹ ආරක්‍ෂාව අනතුරේ යැයි කියා 1987 මැයි දිනය තහනම් කළේය. ඊට එරෙහිව මැයි දිනය පැවැත්විය යුතු යැයි හඬනැඟුවේ මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමිය. මේ හිමිවරුන්ට සහාය දුන්නේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයය. මේ බලමණ්ඩල දෙකම මෙහෙයවූයේ තිරය පිටුපස සිට ජනතා විමුක්ති පෙරමුණය. මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමි පෙරටු කරගෙන මේ සියලු ශිෂ්‍ය සංවිධාන, භික්‍ෂු සංවිධාන සහ වෘත්තීය සමිති මව්බිම සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවාගෙන සිටියහ. මෙම සංවිධානයේ රැස්වීම් පැවැතියේ මුරුත්තෙට්ටුවගම හිමිගේ අභයාරාම පන්සලේය. මේ නිසා පන්සල අවට වැඩියෙන්ම සැරිසැරුවේ ආණ්ඩුවේ බුද්ධි අංශය. ඒත් මුරුත්තෙට්ටුවේ හිමි බය නොවීය. 1987 ජේ. ආර්.ගේ මැයි දින තහනම කඩන්න රැස්වීම් පැවැතියේ අභයාරාමයේය. මේ රැස්වීම්වලට බුද්ධි අංශ ඇසට වැලි ගසා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයෙක්ද සහභාගි විය.

1987 මැයි පළමු වැනි දින සවස 2 වන විට අභයාරාමයට 2000ක පමණ ජනතාවක් එක්රැස්වී සිටියහ. මැයි දින තහනම කඩාකප්පල් කිරීමේ අරමුණ පෙන්වා දුන්නේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ය. සෝභිත හිමි සහ දිනේෂ් දේශන පැවැත්වීය. පිරිස පන්සිල්හි පිහිටෙව්වේ එකල බණ්ඩාරනායක මැතිනියගේත්, ශ්‍රී ලංකා නිදස් පක්‍ෂයේත් ගෞරවයට ලක්ව සිටි තවත් යූ.ඇන්.පී. විරෝධී හිමිනමක් වූ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස හාමුදුරුවන්ය. මෙම දේශනවලින් පසු පිරිස අභයාරාම පන්සලෙන් එළියට ඇවිත් පෙළපාළියේ යන්න පටන් ගත්හ. ජේ. ආර්. අභයාරාමයට එවා තිබුණේ එකල නම කිව් පමණින් විපක්‍ෂයේ කකුල් වෙව්ලන ගෆූර් පොලිස් නිලධාරියාවය. ජේ. ආර්. ඔහුට දී තිබුණේ එක නියෝගයකි. පෙළපාළි බැහැ කියාය. පන්සල වටකරගත් 300ක පමණ පොලිස් බල ඇණිය වෙඩි තියන්න පටන් ගත්හ.

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ හිතුවේ පළමුව කඳුළු ගෑස් ගසා පසුව රබර් බුලට්වලින් වෙඩි තියයි කියාය. ඒත් තුවක්කු පත්තු වන විට හාමුදුරුවෝ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් වෙඩි නොතියන ලෙස පොලිසියෙන් බැගෑපත්ව ඉල්ලූහ. පොලිසිය ඇසුවේ නැත. වෙඩිපහරින් දෙදෙනකු ඇදගෙන මැරී වැටුණේ මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමිගේ ඇස් ඉදිරිපිටදීය.

මුරුත්තෙට්ටුවේ හිමි එලෙස තුවක්කුවට බය නැති හිමිනමකි. 2015 පරාජයෙන් පසු මහින්ද ඇතුළු රාජපක්‍ෂ පවුලත්, ඔවුන්ට ආධාර උපකාර කරන අයවත් හිරේ දමනවා යැයි මෛත්‍රි – රනිල් ආණ්ඩුව තර්ජනය කරද්දී මහින්දට දේශපාලනය කරන්න කාර්යාලයයි, නිවෙසයි දුන්නේ හාමුදුරුවෝය. එකල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට, සාමාන්‍ය මිනිසුන්ට මහින්ද හමුවෙන්න තැනක් නොවීය. ඔවුන් මහින්ද එනතෙක් බලා සිටියේ අභයාරාම පන්සලේය.

මෛත්‍රි – රනිල් ආණ්ඩුව මෙය ඉවසුවේ නැත. ආණ්ඩුවේ අනුදැනුම මත අභයාරාම පන්සලේ අයිතිය ඉල්ලා හිමිවරුන් කිහිප දෙනෙක් උසාවි ගියහ. ඒ 2017දීය. පන්සල දේශපාලන කටයුතුවලට, වෘත්තීය සමිති කටයුතුවලට, වෙළෙඳ කටයුතුවලට භාවිත කිරීම වළක්වමින් කොළඹ දිස්ත්‍රික්ක උසාවිය නියෝගයක් නිකුත් කළේය. ඒත් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ මහින්දට පන්සලේ දොර වැහුවේ නැත.

මෙලෙස මහින්දට රැකවරණදී මහින්දව නැඟිට්ටවපු හාමුදුරුවෝ පහුගියදා පුදුම කතාවක් කීහ.

‘බලය නොලැබුණා නම් මීට වැඩිය හොඳයි…’

හාමුදුරුවෝ කීහ.

‘මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට වෙන්න යන්නෙත් සෝභිත හිමියන්ට වෙච්ච දෙයමද..?’

2015 මහින්දව පරාජය කළේ මෛත්‍රි හෝ රනිල් හෝ නොව සෝභිත හිමි සහ ඒ හිමියන්ගේ ව්‍යාපාරයය. ජේ. ආර්.ගේ, ප්‍රේමදාසගේ, චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව සටන්කළ සටන් සගයන් දෙදෙනා වූ මුරුත්තෙට්ටුවේ හිමි සහ සෝභිත හිමි 2015 මාවත් දෙකක් තෝරා ගත්හ.

2015 පරාජයෙන් පසු මුරුත්තෙට්ටුවේ හිමි මහින්දව නැඟිටෙව්වා සේ 2015 මහින්දව පරාජය කරන්න සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සහ දේශපාලන පක්‍ෂ ඒකරාශි කළේ සෝභිත හිමිය. සෝභිත හිමියෝ ඒ සඳහා නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය හැදූහ. ඒ ව්‍යාපාරයේ රැස්වීම් තිබ්බේ එහිමියන්ගේ පන්සලේය. මහින්දගේ ආණ්ඩුවේ මාධ්‍ය සෝභිත හිමියන්ට පන්න පන්නා පහර ගැසුවත් සෝභිත හිමි බිය වූයේ නැත.

2015 ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂක කථිකාව හැදුවේ සෝභිත හිමිය. හාමුදුරුවන්ගේ තේරීම වූයේ කරු ජයසූරියය. ඒත් රනිල් එයට විරුද්ධ විය. මේ නිසා සෝභිත හිමි සහ රනිල් අතර හොඳ සම්බන්ධයක් තිබුණේ නැත. සෝභිත හිමි පොදු අපේක්‍ෂකයෙක් යටතේ රනිල්ව අගමැති කරනවාටද කැමැති නොවීය. සෝභිත හිමිගේ ඒ විරෝධය සමනය කළේ එවකට පක්‍ෂ ලේකම් තිස්සය. පොදු අපේක්‍ෂක ලෙස මෛත්‍රිපාල කරළියට ආවේ සෝභිත හිමියන්ගේ අනුදැනුමකින් තොරවය. මේ නිසාම සෝභිත හිමිගේ සහ නිදහස් සහ සාධාරණ සමාජයේ ප්‍රතිපත්තිවලට මෛත්‍රිපාල එකඟකර ගැනීම ලෙහෙසි නොවීය. සෝභිත හිමි හිටියේ ඒ ගැන කලකිරීමෙන්ය.

මෛත්‍රි ජනාධිපති වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය ගැනීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන්ට මැති ඇමැතිකම් දීම සෝභිත හිමි අනුමත කළේ නැත. සෝභිත හිමි ලෙඩ වූයේ තමන් කැපූ ඉනි ගඟට ගහගෙන ගියා සේ දැයි වූ වේදනාවකිනි. අපහාස – උපහාස විඳ තමා බලයට ගෙන ආ ආණ්ඩුව තමන්ව කරපිංචා සේ වීසි කිරීම සෝභිත හිමිට දරාගත නොහැකි විය. සෝභිත හිමිගේ උපදෙස් අහන්න මෛත්‍රි හෝ රනිල් හෝ මැති ඇමැතිවරු දුරකතනයට ආවේ නැත. අන්තිමේදී සෝභිත හිමි කීවේත් මේ යහපාලනය බලයට ගෙන ආවාට වඩා බලයට නොආවා නම් හොඳයි කියාය.

අද මුරුත්තෙට්ටුවේ හිමි කියන්නේත් ඒ කතාවමය. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ හීනය වූයේ මහින්ද රාජපක්‍ෂ රජකිරීමය. හැබැයි ව්‍යවස්ථා බාධකය නිසා රජ කරන්න වූයේ ගෝඨාභයය. කරූව රජ කරවන්න හිතාගෙන හිටියත් සෝභිත හිමි මෛත්‍රිපාල දිනවන්න බැහැල වැඩ කළා සේ මුරුත්තෙට්ටුවේ හිමි මහින්ද රජකරවන්න හිතා හිටියත් ගෝඨාභය රජ කරවන්න බැහැල වැඩ කළේය. ගෝඨාභය ජනාධිපති විය. මෛත්‍රි ජනාධිපති වී සෝභිත හිමි මෛත්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය බාර ගැනීම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන්ට මැති ඇමැති ධුර දීම ගැන අප්‍රසාදයෙන් කතා කළා සේ මුරුත්තෙට්ටුවේ හිමිද මිලින්ද මොරගොඩගේ පත්වීමට, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කිරීමට එරෙහිව හඬ නැඟූහ.

‘ආණ්ඩුව අභයාරාම පන්සල තරහකර ගනියිද..?’

එහෙම වුණොත් ආණ්ඩුවේ ගමන කොටය. හේතුව රාජපක්‍ෂලා නැවැත ඉපදුණේ අභයාරාම පන්සලේය. ඒ දේශපාලන පුනරුත්පත්තියට උප්පැන්නේ ලීවේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

(පසුගිය ඔක්තෝබර් 17 වන දින මව්රට පුවත්පතේ පළවූ උපුල් ජෝශප් ප්‍රනාන්දු විසින් ලියන ලද ‘ගුරුදා විග්‍රහය’ බොහෝ පාඨකයන්ගේ ඉල්ලීම පරිදි අප නැවත පළ කිරීමට පියවර ගත්තෙමු.)

Share52Tweet33SendShare13
Previous Post

නම අහන්නත් බය විෂ කන්‍යාවෝ

Next Post

හොඳ නරක හැමදේම කරන යක්ෂයන්ගේ රජ්ජුරුවෝ මහා වෙසමුණි

MORE NEWS

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)
Exclusive

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?
Exclusive

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!
Exclusive

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!
Exclusive

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!
Exclusive

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?
Exclusive

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

May 22, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)
Exclusive

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022

ඇතැමුන් ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ගැනීම හරහා තවමත් මුදලට විකිණෙන මන්ත්‍රීවරු මෙම...

Read more
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net