දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජිත සේනාරත්න මහතාගේ නිදහස වෙනුවෙන් අද (19) සවස 3.30 ට කළුතර බෝධිය අසල සත්‍යග්‍රහයක් පැවැත්වීමට සමගි ජන බලවේගය සැලසුම් කර තිබේ.
ඒ සදහා සමගි ජන බලවේගයේ සියලු නායකයන් සහභාගි වීමට නියමිතය.
සමාජ දුරස්ථ භාවය රැකෙන අන්දමට මෙම සත්‍යග්‍රහය සංවිධානය කර ඇති බවද දැනගන්නට තිබේ.