Connect with us
Redmi 9C
Advertisement

Exclusive

රිෂාඩ්ට ගහලා…

Published

on

සමගි ජන බලවේගයෙන් තරග වදින රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයකුගේ වාහන පෙළකට ඊයේ (22) රාත්‍රියේ කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ දී පහරදීමක් සිදුකර තිබේ.

එම ප්‍රහාරයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මෙහොමඩ් නසීර් මහතා ගමන් කළ වාහන තුනකට අලාභ හානි සිදුව ඇති බව වාර්තාවේ.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින මුස්ලිම් අපේක්ෂකයන්ට ආධාර පිණිස රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී වන ජන හමුවක් ඊයේ රාත්‍රියේ තෙලියාගොන්න ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී ඊට සහභාගි වීමට පැමිණි නසීර් මහතාගේ වාහන කිපයකට ප්‍රදේශවාසින් පිරිසක් විසින් මෙසේ පහරදී ඇතැයි වාර්තාවේ.

මේ කලබලකාරී වාතාවරණය  හේතුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා එම ජන හමුවට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත.

 මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නසීර් මහතා කුරුණෑගල පොලීසියට පැමිණිලි කර ඇත. 

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ