නිරෝධායනයට ලක්ව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අද (22) දින පාර්ලමේන්තු රැස්වීමට සහභාගී කරවූයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත රැකවරණ යටතේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ මහතා රදවා සිටියේ මීගමුව පල්ලන්සේන සිර කදවුරේ නිරෝධායන කටයුතු යටතේය.
ඒ මහතාට විශේෂ ආසනයක් පවා පැනවීමට කතානායකවරයා පියවර ගෙන තිබිණ.
නමුත් විපක්ෂය කළ ඉල්ලීමකට අනුව ඒ මහතා අද දින පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස කතානායකවරයා දැනුම් දීමක් කර තිබිණ.



