හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් බස් රථයකින් ජන්දදායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබිණ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත්ය.