කොවිඞ් එන්නත මෙරටට ගෙන්වීමේ පෙර සූදානමක් වශයෙන් එම එන්නත්වල විද්‍යාත්මක තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විද්වත් කොමිටිය මඟින් නිරීක්ෂණය කරමින් සිටින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඞ් 19 වැළැක්වීමේ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
එන්නත ගෙන්වා ගැනීමෙන් පසුව ඒවා ලබාදෙන ප්‍රමුඛතා ලැයිස්තු දැනටමත් පිළියෙළ කරමින් සිටින බවත්, අවුරුදු 60 වැඩි සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල පුද්ගලයන් මෙන්ම ජන ගණත්වය වැඩි ප්‍රදේශවල අයටද, මහල් නිවාසවල පදිංචිකරුවන් වැනි අවදානම් ප්‍රදේශවල අය සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත්, ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
එන්නත් ගෙන්වා ගැනීමට ලෝක බැංකුවේ, යුනිසෙෆ් සංවිධානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලැබෙන ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළ ඇමැතිවරිය ශ්‍රී ලාංකිකයන්ට ඖෂධය නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බවද ප්‍රකාශ කළාය.