Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ලංකාවේ කුඩු ගහන නළු නිළියෝ-ගායක ගායිකාවෝ කව්ද? EXCLUSIVE

Published

on

ඉන්දියානු සිනමාවට ආදරය කරන ඉන්දියානුවන් මෙන්ම ලෝව පුරා විසිරී සිටින ඉන්දියානු සිනමා ලෝලීන් මේ දිනවල සිය අවධානය වැඩියෙන්ම යොමුකර ඇත්තේ ප්‍රකට බොලිව්ඞ් තරුණ නළුවෙක් වන සුසාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමග එළියට එන ඉන්දියානු සිනමා තරු හා බැදුණු මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැනය. පසුගිය ජුනි 14 වෙනිදා සුසාන්ත් සිං ගේ මරණය සිදුවන්නේ සිය දිවි හානිකර ගැනීමකිනි. එය හුදෙක් සියදිවි හානිකර ගැනීමක් යැයි මුලින් කියැවුණත් පසුව හෙළිවී ඇත්තේ ඒ පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය බවය.
ඒත් එක්කම බොලිවුඞ් නළු නිළියන් අතර සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැනද හෙළිවන්නේ මුළු ඉන්දියාවම කළඹවමිනි. ඉන්දියානු ජනතාව එරට නළු නිළියන් තබා ඇත්තේ දේවත්වයෙනි. එම දෙවිවරු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත්, ඔවුන් අතර මත්ද්‍රව්‍ය හුවමාරුවෙමින් ජාවාරමක් සිදුවන බවත් එකවරම ඉන්දියානු ජනතාව පිළිගන්නට සූදානම් වූයේ නැත. එහෙත් දැන් එරට ජනතාව පවා ඒ ගැන විශ්වාස කරන්නට පටන්ගෙන ඇත්තේ ඉන්දියානු මුම්බායි පොලීසිය පමණක් නොව, මධ්‍යම විමර්ශන කාර්යාංශය සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම් කාර්යාංශයට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් ප්‍රකට නළු නිළියන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගැනීමත් සමගිනි.
මේ තත්වය ඇත්තේ ඉන්දියාවේ පමණක් නොවේ. ලෝකයේ බොහෝ රටවල රංගන ශිල්පීන්, ගායකයින්, නිරූපන ශිල්පීන් වැනි කලාවට සම්බන්ධ බොහෝ පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී තිබේ. ඒ බව අන්තර්ජාලය පිරිස්සීමේදී පැහැදිලිවම දැක ගන්නට හැකියාව ඇත්තේ එම නළු නිළියන්ගේම ස්වයං පාපොච්ඡාරණ මගිනි.
අපේ රටේද මේ තත්ත්වය දැක ගන්නට නැතුවාම නොවේ. විවිධ මත්පෙති වර්ග, හෙරොයින් සහ කොකේන් භාවිතයට තදින්ම ඇබ්බැහි වූ තරුණ ජනප්‍රිය කලාකරුවන් බොහෝය. වැඩිහරියක් අපේ රටේ පැරණි කලාකරුවන් එකල මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කළේ මත්පැන්ය. ඒ අතර ජොලියට ගංජා භාවිතා කළ අයද නැතුවා නොවේ. හෙරොයින් මත්ද්‍රව්‍ය මෙරට සමාජය ගිල ගැනීම ආරම්භ කෙරුණු 80 දසකයේ මුල් භාගයේ අපේ රටේ එකල තරුණ කලාකරුවන් දෙතුන් දෙනෙකු එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වූ බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අය අද එවන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැත. ඒ අය ජීවත් වන්නේ සමාජයට ආදර්ශමත් චරිත ලෙසිනි.
එදා තරුණ කලාකරුවන් අද සුමගට ගොස් සිටින විට අද තරුණ කලාකරුවන්ගෙන් යම් සැලකිය යුතු පිරිසක්ම මත්ද්‍රව්‍ය රකුසා විසින් ගිලගෙන හමාරය. ඒ අය අතර ප්‍රවීණ යැයි සඳහන් කලාකරුවන්ද නැතුවා නොවේ. ඒ අතර අපේ රටේ නමක් දිනාගත් දැවැන්ත සංගීතඥයකුගේ පුතෙක්ද සිටින බව කියැවේ. වර්තමානයේ ප්‍රවීණයන් අතර සිටින ජනප්‍රියත්වයෙන්ද ඉහළ තැනක සිටින මේ ගායකයාට මත්ද්‍රව්‍ය නැතුවාම බැරි බව ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි. එම ගායකයාගේ පුතා මේ වන විට නව පරපුර වැළඳගෙන සිටින ඉතා ජනප්‍රිය ගායකයෙක් බව කියැවේ. එසේම මෙම ගායකයාගේ සහෝදරයාද කලාවට සම්බන්ධය. ඔහුත් ගායකයෙකි. ඔහුද කිහිප විටක්ම පොලීසියටද හසුවී ඇත්තේ හෙරොයින් සමගිනි.
මුලින් සදහන් කළ ප්‍රවීණයන් අතර සිටින මේ ගායකයා මෙරට අවන්හල් ව්‍යාපාරයේ වැඩි කොටසක් අත්පත්කරගෙන සිටින පුද්ගලයකුගේ සමීපතයෙක් බව කියැවේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඔහු වැඩිපුරම යන්නේ යැයි කියැවෙන්නේ ඔහුගේ අවන්හල් ජාලයටය.
මේ කියන ව්‍යාපාරිකයා වසරකට දෙතුන් වතාවක්ම මෙරට සිටින ඔහුට හිතවත් දේශපාලනඥයන් සහ කලාකරුවන් එක්රැස් කර සාදයක් පවත්වනු ලබන බව ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි. එම සාදය බොහෝ අවස්ථාවල පැවැත්වෙන්නේ කොළඹ නගරයේ පිහිටි තරු පන්තියේ හෝටල් සමූහයකට අයත් සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක බව කියැවේ. එම සාදය මත්පැන් මෙන්ම මත්ද්‍රව්‍යවලින්ද අඩුවක් නොමැතිය. එම සාදයේ ආරාධිතයන් අතර ඇමතිවරුන්ද නැතුවාම නොවේ. එසේම ප්‍රබල ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක්ද සිටිති. එම සාදයට එන අපේ රටේ ජනප්‍රිය ගායිකාවන්, නිළියන් ගායකයින්,නළුවන් කොකේන් උරන්නේ ප්‍රසිද්ධියේ බව ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි. එසේම මත්පෙති ගිලින්නේද පැරසිටමෝල් ගිලින්නා සේය.
මේ අතර කලක් ඉහළ තලයේ වැජඹි ප්‍රකට ගායකයෙක්ද මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති බව කියති. ඔහු සිය ගමන ආරම්භ කර තිබුණේ ප්‍රකට වාදන කණ්ඩායමක වාදකයකු ලෙසටය. මීට අමතරව වාදන කණ්ඩායම් රැසක සිටින කලාකරුවන් රැසක් මේ වන විට විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවද ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි.
එම සාදයට දොරගුළු විවර නොමැති තරුණ ජනප්‍රිය ගායකයෙක් හෙරොයින් භාවිතා කරන්නට එන්නේ වනාතමුල්ලටය. වනාතමුල්ලේ ඔහුට මත්කුඩු සගයින් කිහිප දෙනෙක්ම සිටිති. වරකට ඔහු අඩුම තරමින් ග්‍රෑම් එකක් දෙකක්වත් මත්කුඩු පානය කරයි. ඔහු වනාතමුල්ලට එන දවස ඔහුගේ සගයන්ට මගුල් ගෙයක් බදුය. ඒ මත්කුඩු පානය කිරීමට පිනා චාන්ස් එකක් ලැබෙන නිසාය.
පසුගිය කාලයේ අපේ රටේ කලාකරුවන්ට මත්කුඩු බෙදුවේ කෝට්ටේ රජමහා විහාරය ආසන්නයේ පදිංචිව සිටි මත්කුඩු ජාවාරම්කරුවෙකි. තරුණ කලාකරුවන් රැස්වන සාදයක් ඇත්තේ කොතැනද ඔහු සිටින්නේ එතැනය. කලාකරුවන්ට ඔහු මත්ද්‍රව්‍ය බෙදා හැරියේ ප්‍රසිද්ධියේය. එහෙත් දැන් ඔහු සිටින්නේ වැඩ වැරදීමෙන් මහ උළු ගෙදර බත් පතේ රස බලමිනි.
මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටින කලාකරුවන් යොදා ගනිමින් ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම්වල නිරතව සිටින බවට වූ බුද්ධි තොරතුරුද නැතුවාම නොවේ. එසේම මත්කුඩු ජාවාරම්කරුවන් කලා නිර්මාණවලට මුදල් ආයෝජනය කළ අවස්ථාද නැත්තේම නැත. ප්‍රකෝටිපති ව්‍යාපාරික වෙස්ගෙන සිටි මෙරට අංක එකේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ මුජහිඞ් නැමැත්තා චිත්‍රපට දෙකක්ම නිෂ්පාදනය කරනු ලැබුවේ මත්කුඩුවලින් උපයන ලද කළු සල්ලි සුදු කිරීමටය. මේ වන විට මුජහිඞ් සිටින්නේ ඩුබායිහී සැඟවීය. එරට සිට ඔහු අදටත් කරන්නේ මෙරටට මත්කුඩු පොම්ප කිරීමය. කොතරම් මත්කුඩු අත්අඩංගුවට ගත්තද මෙරට මත්කුඩු හිඟයක් තවමත් ඇතිවී නැත්තේ එබැවිනි. අද වන විට මත්කුඩු පැකට්ටුවේ මිල ශීඝ්‍ර ලෙස පහළට ගොස් ඇත්තේ රුපියල් 500 දක්වාය. මෙයට පෙර මත්කුඩු පැකට්ටුව පැවතියේ රුපියල් 800න් ඉහළටය. දැන් මිල 500 දක්වා පහළ ගියා පමණක් නොව, පැකට්ටුවේ එතෙක් පැවතියාට වඩා මත්කුඩු ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බව මත්කුඩු භාවිතා කරන්නන් කියන කථාවකි.
මේ සිදුවන්නේ මත්කුඩු ජාවාරම්කරුවන් එක්ව පොලීසියට එරෙහිව කැරළි ගැසීමක් යැයි අනුමාන කරන්නට හැකිය. පොලීසිය සිය උපරිම ශක්තිය පසුගිය මාස කිහිපය තුළ යොදවනු ලැබුවේ මත්කුඩු ජාවාරම්කරුවන් කොටුකරගන්නටය. එම මෙහෙයුම්වලින් අංක එකේ ජාවාරම්කරුවන් කිසිවෙකුත් කොටු නොවුණත් ප්‍රාදේශිය වශයෙක් මත්කුඩු බෙදා හරින්නන් රැසක් නම් කොටුකර ගත්තේය. ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක්ද ලැබුනේය. එහෙත් පොලීසිය කොතරම් මත්කුඩු බෙදා හරින්නන් ඇල්ලුවා යැයි ජනමාධ්‍ය ඔස්සේ කීවත් ගමේ ගොඬේ මත්කුඩුවල හිඟයක් නම් තවමත් ඇති වී ඇති බවක් නම් දක්නට නැත. මත්කුඩු පැකට්ටුවේ මිල පහළට ගොස් ඇත්තේ මත්කුඩු කොතරම් ඇල්ලුවත් අඩුවක් නැති බව කියා පාමිනි.
මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ විදෙස්ගතව සිටින ජාවාරම්කරුවන් සහ බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරුවන් විසින් බව යථාර්ථයයි. ඒ අය නිදහසේ සිටියදී පොලීසියට පසුගිය කාලය පුරාවටම කොටුවූයේ හාල් කෑලිය. එකෙක් අල්ලන විට ඒ අයගේ ගෝලයින් දහපහළොවක් එකවර බිහිවෙමින් මත්කුඩු ජාලය මෙරට තුළ ව්‍යාප්ත වන්නේ එබැවිනි. පොලීසියට අල්ලන්නට බැරි එම මහා පරිමාණ ජාවාරම්කරුවන් අතර දේශපාලනයට සම්බන්ධ වූවන්ද නැතුවාම නොවේ. මාකඳුරේ මධුෂ් ඩුබායි සිට මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන කරන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු දේශපාලනඥයන් රැසක් ගැන බොහෝ තොරතුරු වැමෑරුවේය. ඒ අයගෙන් කිහිප දෙනෙක්ම පසුගිය මහා මැතිවරණයෙන් විසිවන්නේ පාර්ලිමේන්තු අසුනද අහිමි කරමිනි. ඒ අතර ඇමතිකම් දැරූවෙක්ද සිටියේය.
එසේම මධුෂ් ඩුබායි හී රැඳී සිටියදී ඔහුව එරටදී මුණ ගැසී සම්බන්ධකම් පවත්වන ලද මැති ඇමතිවරු කිහිප දෙනෙක් ගැනම ප්‍රශ්න කිරීම් හමුවේ මධුෂ් හෙළිකර තිබුණි. ඊට අමතරව මත්කුඩු ජාවාරමේ නිරතව සිටින දේශපාලනඥයෙක් ගැනද ඔහු දැවැන්ත හෙළිදරව්වක් කළ බව සඳහන් විය. මේ දේශපාලනඥයන් එක පක්ෂයකට සම්බන්ධ වූවෝ නොවෙති. පැවැති ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද අය ඒ අතර සිටිති. මධුෂ් විසින් කළ එම හෙළිදරව්වට අනුව අදටත් ඒ කිසිදු දේශපාලනඥයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්ව නැත. අඩුම තරමින් මධුෂ්ගේ මත්කුඩු ජාවාරම හෝ ඔහු පාතාල ආර්ථික කටයුතුවලින් උපයාගත් රුපියලක්වත් සොයා ගෙන නැත. මධුෂ් මෙරටට රැගෙන පැමිණිමෙන් පසු ඔවුන් ප්‍රශ්න කර සොයා ගත්තේ යැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුවේ එකල සිටි ලොක්කන් ගිනි අවි කිහිපයක් නම් මාධ්‍යට ඉදිරිපත් කළේය. එම ගිනි අවි සම්බන්ධයෙන්ද මේ වන විට ඇත්තේ ප්‍රශ්නගත තත්වයකි. මධුෂ්ව පොලීසිය හඳුන්වනු ලැබුවේ ඉන්දියාවේ ඩාවුඞ් ඊබ්‍රාහිම්ට සමාන තැනක තබාය. මෙරට පාතාලයේ ගෝඞ් ෆාදර් වූයේ ඔහුය. දැවැන්ත ගෝලබාලයින් රොත්තක්ම ඔහුට සිටියේය. සිය ගණනක ඔහුගේ ගෝලයින්ගේ ලැයිස්තුවක්ද පොලීසිය සතු විය. මධුෂ්ගේ අපරාධ ලැයිස්තුවක්ද පොලිස් ලොක්කන් එකතුව සකස් කළේය. ඒ කිසිදු ගෝලයෙක් මෙතෙක් අල්ලා ඇති බවක් නම් දැන ගන්නට නැති තරම්ය. එසේම මධුෂ්ට එරෙහිව මෙතෙක් අපරාධ චෝදනාවක්ද අධිකරණයේ ගොඩ නගා නැත්තේය. ඒ වෙනුවට මධුෂ් වසරකුත් මාස 05ක් තිස්සේ සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒ රඳවා ගැනීමේ නියෝගයකිනි. එම රඳවා ගැනීමේ නියෝගය පවා වලංගු වන්නේ තවත් මාසයකට පමණි. ඒ අනුව සිදුවන්නේ ඔහු බන්ධනාගාරගත කිරීමකි.

රුවන් වෙඩිවර්ධන

Advertisement
Exclusive6 days ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive6 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive7 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive12 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive3 hours ago

කොරෝනා මැදත් ජනපති ජනතා සේවාව දිගටම

Exclusive3 hours ago

රටෙන්ම කොරෝනා වාර්තා වෙද්දී වව්නියාව-මුලතිව් විතරක් බේරුණේ කොහොමද?

Exclusive3 hours ago

ග්‍රාමීය ආර්ථිකය නංවන ජාතික වැඩසටහන හෙට අනුරපුරේ

Exclusive4 hours ago

ජනාධිපතිගේ විශේෂ නියෝජිතයකු ලෙස කබ්රාල් කැබිනට් රැස්වීමට ඇවිත්

Exclusive4 hours ago

කොරෝනා 8000 පන්නයි: අදට 280ක්

Exclusive6 hours ago

ජනාධිපති ලේකම් පී.බී.ට ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් (VIDEO)

Exclusive7 hours ago

කොරෝනා පරද්දන්න සජිත්ගෙන් යෝජනාවක් (VIDEO)

Exclusive8 hours ago

තවත් ගාමන්ට් දෙකකින් කොරෝනා මතුවෙයි

Exclusive8 hours ago

යතුරුපැදි හමුදාව පාරට බහී

Exclusive9 hours ago

මෙහෙම ගියොත් භයානකයි: ඉදිරි මාස දෙකේ අසාමාන්‍ය ලෙස කොරෝනා මරණ වැඩිවේවි (VIDEO)

Exclusive10 hours ago

උසාවිය නිහඬ වෙයි

Exclusive10 hours ago

රිජ්වේ ළමයි 7කට-අම්මලා 3කට කොරෝනා

Exclusive11 hours ago

20ට අත් උස්සන්න කලින් මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙලා

Exclusive13 hours ago

දෙවැනි රැල්ලේ ආරම්භය හොයාගනී: බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල යුක්‍රේන් ටීම් එකක්

Exclusive13 hours ago

පාර්ලිමේන්තුව හදිසියේම වසා දමයි