ලංකාවේ ප්‍රධානතම පුවත්පත් ආයතනයක සේවකයන් 33 දෙනකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය මත කොළඹ නගර සභාව අදාළ ආයතනය තාවකාලිකව හුදකලා කරන ලෙස දැනුම් දී තිබුණද අදාළ පුවත්පත් ආයතනයේ පාලනාධිකාරිය එය ගණනකට නොගෙන කටයුතු කරන බවට ආයතන සේවකයෝ චෝදනා කර සිටිති.
මේ වනවිට අදාළ පුවත්පත් ආයතනයේ කර්තෘ මණ්ඩලය, බෙදාහැරීමේ අංශය, මුද්‍රණ අංශය ඇතුළු අංශ ගණනාවක රෝගීන් වාර්තා වී ඇති බවත්, බොහෝ සාමාජිකයන් නිවෙස්වල සිට රාජකාරී කරමින් සිටින බවත් වාර්තා වේ.