Exclusive
වරාය ගැන ජනපති ගන්න තීන්දුව උඩ ආණ්ඩුවම හිටගන්න ඕනෑ -ජොන්ස්ටන්
Published
1 month agoon

නැගෙනහිර ජැටිය පිළිබදව ජනාධිපතිවරයා නිවැරදි තීන්දුවක් ගනු ඇති බවත්, ඇමැතිවරුන් ඒ සම්බන්ධයෙන් පිල් බෙදීමට අවශ්‍ය නැති බවත්, ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ගන්නා තීරණය උඩ සියලු දෙනාම සිට ගත යුතු බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
විපක්ෂය එදා මේ සම්පත් විකුණන්න දා, ගිවිසුම් ගසා වැරදි තීන්දු තීරණ අරගෙන රට හිර කෙරූ බව කී අමාත්‍යවරයා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවම පිළිගන්නා බවත් සදහන් කර සිටියේය.
කොට්ටාව මත්තෙගොඩ මාර්ගය හොදින් කාපට් අතුරා තිබියදී ජනතා මුදල් නාස්ති වන ආකාරයෙන් නැවත කාපට් අතුරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව එම මාර්ගයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින පැවැත්වුණු අතර එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
‘මීට පෙර කාපට් අතුරපු පාරකට නැවත වරක් කාපට් දානව කියලා ප්‍රදේශයේ ජනතාවගෙන් පැමිණිල්ලක් මට ලැබුණා. ඒ නිසා ඒ ගැන සොයා බලන්නයි මම ආවේ. නමුත් එහෙම දෙයක් නැහැ. මේ පාරෙ තියෙන්නෙ අවුරුදු හයකට කලින් දාපු කාපට් එකක්. මෙම මාර්ගයේ ගමන් කරන වාහන ප්‍රමාණය සමීක්ෂණය කර ඉන් පසුව තමයි මේ පාර හදන්න අරන් තියෙන්නේ. මට ලැබුණු පැමිණිල්ල සත්‍යතාවයෙන් තොරයි. මේ වගේ ජනතා පැමිණිලි ඉදිරිපත් වු වහාම පෞද්ගලිකවම ඒවා සොයා බලන වැඩපිළිවෙළක් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මම ක්‍රියාත්මක කර තිබෙනවා. පෞද්ගලිකවම මේවා ගැන සොයා බැලුවොත් තමයි මේවායේ ඇත්ත තත්ත්වය දකින්න පුළුවන්. නිලධාරින් බොරු කරනවාද? ලැබිලා තියන පැමිණිල්ල වැරදි පැමිණිල්ලක්ද? එකේ සත්‍ය අසත්‍යතාවය සියසින් දැකගන්න පුළුවන් වෙන්නේ මෙහෙම ආවහමයි.
මෙහිදී මාධ්‍යවේදීයකු කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබදව අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා….
‘ විපක්ෂය මවන සරුංගල් පස්සේ යන්න ගියෝත් වෙන්නේ විශාල ප්‍රශ්නයක්. විපක්ෂය කරන්නෙත් සරුංගල් යවන එකයි. විපක්ෂයම එදා මේ දේවල් විකුණන්න දාලා, ගිවිසුම් ගහලා ඔවුන් තීන්දු තීරණ අරගෙන රට හිර කෙරුවා. හම්බන්තොට වරාය අවුරුදු 99යේ ඒවා දෙකකට බදු දුන්නා. ඊළඟට ඉන්දියාව, ජපානය එක්ක ගිහින් ගිවිසුම් ගහලා රට හිර කරලා ඉවරවෙලා දැන් විපක්ෂයම කියනවා අපි වැරදි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඔවුන් කරපු ඒවා පුළුවන් තරම් හොඳ පැත්තකට හරවල තමයි අපි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගත්තොත් අපි ඒ තීරණය උඩ හිට ගන්නවා. කිසිම ඇමතිවරයකුට පිල් බෙදෙන්න හේතුවක් නැහැ. තමන්ගේ දේශපාලන දර්ශන මොනවා තිබුණත් රජයේ තීරණ උඩ හිටගන්න ඕනා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවලා, මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරවලා, අපි මේ රටේ අපේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නිවැරදි තීන්දු තීරණ ගත්තම ඒ තීන්දු උඩ හිටගන්නයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල නව කොරෝනා පොකුරක් නිර්මාණය වීම පිළිබදව අදහස් දක්වමින්….
පාර්ලිමේන්තුවල පොකුරු නිර්මාණය වෙන්න පුළුවන්. නගරවල පොකුරු නිර්මාණය වෙන්න පුළුවන්. ග්‍රාමීය වශයෙන් හැම තැනම පොකුරු නිර්මාණය වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. ඒක තමා ඇත්ත තත්ත්වය. ජනතාවගෙන් ඉල්ලන්නේ පරිස්සමින් ඉන්න කියන එක. සෞඛ්‍ය ඇමතිනිය කොච්චර පරිස්සම් වුණාද? ඒත් එතුමියටත් රෝගය වැළඳුනා. එතුමිය කාන්තාවක් වශයෙන් කොවිඩ් මෙරටට ආ කාලයේ පටන්ම විශාල කාර්යභාරයක් ඉටු කළා. ලෝකයේ ජනාධිපතිවරුන්ට, සෞඛ්‍ය නිලධාරීන්ට, කලාකාරයන්ට, මේ රෝගය වැලඳිලා තියෙනවා. මේකත් එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ. නමුත් අපි ඉතාමත් සාර්ථකව මේකට මුහුණ දීලා තියෙනවා. රටේ ආර්ථිකය වැටෙන්න දීලා නැහැ. රටේ ජනතාවට එදා තිබුණාටත් වඩා හොඳ රටක් නිර්මාණය කරලා තියෙනවා. අපි ජනතාවට කියන්නේ කොතන කොහොම පොකුරු හැදුණත් අපි පරිස්සමින් ජීවත් වෙමු කියලා. ලෝකයටම අභියෝගයක් වුණු මෙම ගැටලුවට ජාතියක් විදිහට අපි මුහුණු දෙමු. .
සෞභාග්‍යයෙ දැක්ම රජ කරවන්න මේ රටේ මහ පොළොව තුළ මහා සංඝරත්නය ලොකු කැපවීමක් කරා. උන්වහන්සේලාගේ දැනුවත් කිරීම් විවිධ මතවාද ජනාධිපතිගේ දැඩි අවධානය යොමු වෙනවා. ඒ පිළිබඳ ඔබතුමා මොනවද හිතන්නේ යැයි මාධ්‍යාවේදියකු විසින් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා..
මහා සංඝරත්නය විශාල හයියක් වුණා පසුගිය පිස්සු ආණ්ඩුව එලවන්න වගේම මේ රජය පිහිටුවන්න. උන්වහන්සේලාට අයිතියක් තියනවා ආණ්ඩුවට හරි වැරැද්ද පෙන්නලා දෙන්න. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවම අහනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ආණ්ඩුවක්.
You may like
ලංකාවේ කොරෝනා මරණ 500 පන්නයි
මුත්තුසාමි කලඑළි බසී: ඉන්දියාවේ BJPය උතුරේ වැඩ අරඹයි: ‘මව්රට’ කලින්ම කිව්ව කතාව හරි
අපරාධ චෝදනා ගැන මෛත්‍රී පළමුවරට කතා කරයි: පෙන්ටගනයට ගහපු එක නවත්තගන්නත් අමෙරිකාවට බැරිව ගියා (VIDEO)
කොරෝනා සිරුරු 17ක් භූමදාන කරලා
බුත්තල SI මහ රෑ මිහිදන් කරයි: සිරුර ගෙදරට ගෙනාවත් ගේ ඇතුළට අරන් නෑ
තවත් කමිටු එපා: අපට ඕන යුක්තිය: කළු ඉරිදාවේදී කාදිනල් හිමි කියයි (VIDEO)

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
