නිදහස් දිනය වෙනුවෙන්, වෙසක් දිනය වෙනුවෙන්, පොසොන් දිනය වෙනුවෙන් යනාදී ලෙස රංජන් රාමනායකට නිදහස ලබා දෙන බවට ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රකාශ කළ දේ සහමුලින්ම ඇන්දවීමක් සහ රැවටීමක් පමණක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතාට සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමත් සමඟ වඩාත් ඵලදායි ලෙසත්,අර්ථවත් ලෙස රටට සේවය කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන බවට රටට පණිවිඩයක් ලබා දෙන්නැයි තමාගෙන් ඉල්ලා සිටි බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදක් බැලීමට අද (15) පෙරවරුවේ වැලිකඩ සිර මැදිරියට පැමිණීමෙන් අනතුරුව විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.
ජනතාවට අවශ්‍ය විග්‍රහයක් නොවේ, වැඩයි!
රටේ පවතින බරපතළ අර්බුදය පිළිබඳව සතිපතා එක එක කතා කියනවා හැරුණු කොට රට ගොඩනැගීමට නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැතැයි පැවසූ විපක්ෂ නායකතුමා, හැබැයි ආණ්ඩුව භාර ගන්නා විට නම් ප්‍රකාශ කළේ පැය විසිහතරෙන් ප්‍රශ්න විසඳන බව යැයිද පැවසීය.
ජනතාව බලාපොරොත්තු වෙන්නේ විග්‍රහයන් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රශ්න විසඳ හා රට ගොඩනැගීම බවද පැවසීය.