විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන් අස්සන් කරනු ලැබූ යෝජනා 10කින් සමන්විත ලියවිල්ල මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
විපක්ෂය මෙම ලිපියට අස්සන් තැබීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය සිකුරාදා දිනයේදීය.
‘මව්රට’ පුවත්පත එම පුවත පළමු වතාවට මෙවර සති අන්ත පුවත්පතේ පළ කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී අප පෙන්වා දුන්නේ රට තුළ දැනට මතුව ඇති අර්බුදකාරී වාතාවරණයට නිසි විසදුම් සෙවීම සදහා වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ සියලුම පක්ෂ ඒකාබද්ධ ප්‍රකාශයකට අස්සන් තැබීමට තීන්දු කර ඇති බවකි.
එම ලිපියට රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන් යන විපක්ෂයේ පක්ෂ නායකයන් අස්සන් කර ඇති බවද දැනගන්නට ඇත.
එම ලිපිය මෙසේය.


