කුරුදු සිගරට්ටුව රට තුළ ප්‍රචලිත කිරීමට තමන් කටයුතු කළේ කිසිවකුගෙන් හෝ කිසිවක් ලබා නොගෙන බවත්, දුම්කොළ සමාගමෙන් වරප්‍රසාද ලබන පුද්ගලයන් මේ වනවිට කලබල වී සිටින බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරයි.
තමන් කළේ දේශීය කර්මාන්තකරුවකු ප්‍රවර්ධනය කිරීම පමණක් බව පෙන්වා දුන් ඒ මහතා ඇතැමුන් කලබල වී සිටින ආකාරයෙන් තමන්ගේ ක්‍රියාව සාර්ථක වී ඇති බවද පෙන්වා දුන්නේය.