විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම්වලට අදාළ වාචික දේශන සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05) අවසන් කළ අතර ඊට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා හෙට (06) පස්වරු 3.00ට ගොනු කරන ලෙස අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියෝග කළේය.
ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය
ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය දින හතරක් පැවැත්විය.