පන්නිපිටියේදී ලොරි රථ රියැදුරකුට මහරගම පොලිසියේ නිලධාරියෙකු විසින් මහදවාලේ සිදුකරනු ලැබූ අමානුෂික පහරදීම ප්‍රසිද්ධියට පත්වීමත් සමග වීරවිල ප්‍රදේශයේ තරුණයකුටද පොලිස් නිලධාරීන් විසින් පහර දුන්නේ යැයි කියන ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ දිනය හෝ ස්ථානය හෝ ජායාරූපයේ සත්‍යතාවය පිළිබද පැහැදිලි තොරතුරක් නැතත් මේ වනවිට මෙම ජායාරූපය සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරන ආකාරයක් දැකගන්නට ඇත.
පන්නිපිටිය ප්‍රදේශයේ සිදු කළ පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වනවිට වැඩ තහනමකට ලක් කොට ඇත.