Exclusive
වේල්ල වීදියේ හිස නැති කාන්තා මළ සිරුර අරන් ඇවිත් තියෙන්නේ හංවැල්ලේ සිට බස් එකේ (VIDEO)
Published
1 month agoon

කොළඹ, වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළසිරුර සහිත බෑගය ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ සිට පුද්ගලයකු තල්ලුකරගෙන විත් අත හැර දමා ගොස් ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇත. කළුපැහැති අලුත්ම ගමන් බෑගයක තිබූ (ට්‍රැවලින් බෑග්) මෙම කාන්තා සිරුර වේල්ලවීදිය පොලිසිය ඊයේ (1 වැනිදා) දහවල් සොයා ගත්තේය.
පසුව මෙම ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී තහවුරු වී ඇත්තේ හිස නොමැති කඳ පමණක් ඇති කාන්තා මළ සිරුරක් එතුළ තිබුණු බවයි. එම කඳ කොටසේ පාද ගැට ගසා තිබූ අතර හිස කඳින් වෙන්කර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමෙන් යැයිද මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඝාතනයට ලක් වූ කතගේ හිස සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
ගෙල කපාදමා සිරුර දෙකට නවා බෑගයට දමා තිබී මෙලෙස පොලිසියට හමුවී ඇත.
මෙම බෑගය දීර්ඝ වේලාවක් මාර්ගය අසල තිබියදී වේල්ලවීදිය පොලිසියට ලද ඇමතුමක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි ඇතුළු කණ්ඩායමක් ඊයේ (1 වැනිදා) සවස 2.30ට පමණ බෑගය පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමුවී තිබේ.
සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී ගෑස්පහ හන්දිය දෙස සිට දහවල් 1.30ට පමණ පුද්ගලයකු මෙම බෑගය තල්ලුකරගෙන එන ආකාරය සටහන්වී ඇත.
සැකකරු අවට අයට සැක නොහිතෙන පරිදි මෙම බෑගය රැගෙන විත් ඇත.
මෙම සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු ඊයේ (01දා) පෙරවරු 11.45 ට පමණ මෙම ගමන් බෑගය සහිතව හංවැල්ල බස් නැවතුම්පළට පැමිණ ඇති බවයි. ඔහු එම බස් නැවතුම්පොළේදී කොළඹ බලා ධාවනය වූ බස් රථයක නැගී රියැදුරු අසුනට පිටුපස අසුණේ වාඩි වී අදාළ ගමන් බෑගයද සමීපයේ තබා ගනිමින් කොළඹට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
පිටකොටුව බස්නැවතුම්පළ ආශ්රිත සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා හංවැල්ලේ සිට පැමිණි බස් රථයෙන් බැස ගෑස්පහ හන්දිය දෙසට ගමන් කර ඇති බවය. එම සැකකරු කොළඹ බලා තම බස් රථයේ පැමිණි බවට බස් රියැදුරුගෙන් හා කොන්දොස්තරගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මගින්ද අනාවරණය විය.
බෑගය රැගෙන යන පුද්ගලයා පිළිබඳ සී.සී.ටීවි දර්ශන ඊයේ දිනයේ දී නිකුත් කළ අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718 591 557 හෝ හදිසි ඇමතුම් ඒකකය වන 0112 433 333 යන දුරකථන අංකයන්ට දැනුම්දෙන දෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.
ඝාතනය වූ කතගේ මළ සිරුර බෑගයෙන් පිටතට නොගෙනම පශ්චාත් මරණ පරීකෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම පශ්චාත් මරණ පරීක්ෂණය අද (2 වැනිදා) පැවැත්වීමට නියමිතය.
You may like
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම
ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…
අලුත් අවුරුද්දේ රන්ජන් හිරේ ඉඳන් පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ට කරපු ආරාධනාව! EXCLUSIVE

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
