නව සන්ධානයක් නිර්මාණය කිරීමටත්, සජිත් ප්‍රේමදාස මහතා එහි නායකයා බවට පත් කිරීමටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළ බව සත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සදහන් කළේය.
මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේ මාර්තු 19 වන දිනට ප්‍රථම පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව ගත් බවත්, විපක්ෂ නායක වශයෙන් කටයුතු කිරීමටත්, පුළුල් සන්ධානයක් සකස් කිරීමට තීන්දු කළ බවත්ය.